නිරෝගී ජීවන රටාවක් සදහා උපදෙස් - super 8
1.ශරීර ස්කන්ධ දර්ශකය පාලනය කර ගැනීම 18.5-24.5 වඩා සුදුසුම 23
2. අධික ලුණු භාවිතයෙන් වැලකි සිටින්න. වැඩුණු පුද්ගලයකුට දිනකට අවශ්‍ය උපරිම ලුණු ප්‍රමාණය තේ හැන්දකි. හතර දෙනකු සිටින නිවසකට 400g ලුණු පැකට් එකක් දින 20 කට සෑහේ.
3. අධික සිනි භාවිතයෙන් වලකින්න. දියවැඩියාව රහිත අයෙක් වුවද දිනකට සිනි තේ හැදී 6 කට වඩා පරිභෝජනය නොකල යුතුය.
4. දිනකට අවම වශයෙන් විනාඩි 30ක් ව්‍යායාම වල යෙදෙන්න ,දිනකට මිනිත්තු 30 බැගින් සතියකට දින 5ක් වත් වේගයෙන් ඇවිදීම ,ක්‍රීඩා කිරීම,පිහිනීම,බයිසිකල් පැදීම,ආදී ව්‍යායාම වල නිරත වන්න.
5. දිනකට එළවළු සහ පළතුරු වර්ග 5ක් වත් අනුභව කල යුතුය. එක් පුද්ගලයකුට දිනකට නිර්දේශිත විවිධ එළවළු සහ පළතුරු ප්‍රමාණය 400g
6. හදවත් රෝග ඇති කරවන ට්‍රාන්ස් මේදය සහිත අහාර වර්ග වලින් වැලකි සිටින්න. වෙළද පොලේ විකිණීමට ඇති කෙටි කෑම,පේස්ට්‍රි,කේක්, සහ නැවත නැවතත් භාවිත කල තෙලෙන් පිළියෙළ කල අහාර වල ට්‍රාන්ස් මේදය ඇත.
7. මත්ද්‍රව්‍ය,දුම්පානයෙන් වැලකි සිටින්න.
8. වසරකට වරක් ඔබේ රුධිර පීඩනය පරීක්ෂා කල යුතුය. රැධිර පීඩනය 140/90 අඩුවෙන් තබා ගත යුතුය.

Dinesh Nawarathne
Hi, We are templateify, we create best and free blogger templates for you all i hope you will like this blogify template we have put lot of effort on this template, Cheers, Follow us on: Facebook & Twitter